

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන හෙට සාකච්ඡාවක්
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරු එකඟ වී තිබේ. කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයකදී ඊයේ (15) රාත්‍රියේ ඔවුන් ඒ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, එහිදී මෙම එකඟතාවයට පැමිණ ඇති බව වාර්තා වේ. පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් බහුතර සභික…

ප්‍රංශ ජනපති ජනපති අනුරට සිංහලෙන්ම සුබ පතයි
ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතා තිබෙනවා. ඒ විශේෂ සටහනක් ප්‍රංශ ජනපතිවරයා විසින් සිය නිල මුහුණු පොතේ තබමින්. මේ සුබපැතුමේ විශේෂත්වය වන්නේ ප්‍රංශ ජනපතිවරයාගේ එම සටහන පළමු ව ඉංග්‍රීසි බසින් හා දෙවනුව එය සිංහලෙන් ද පළ කර තිබීමයි. පහතින් දැක්වෙන්නේ එම සටහනයි “ශ්‍රී ලංකිකාවියනි, ශ්‍රී ලංකිකයිනි,…


පාර්ලිමේන්තුව විසුරුවයි… මහ මැතිවරණ දිනය මෙන්න
ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය රාත්‍රියේ නිකුත් කෙරුණි. ඒ අනුව ඔක්තෝබර් මස 04 වන දින සිට ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතය. මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදාය. නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිතව තිබේ.

එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (24) පැවසීය. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවැති දේශපාලන බල මණ්ඩල සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසේ…

නව ජනපති අනුර අද ජාතිය අමතයි
ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. එහිදී ජනාධිපතිවරයා නව රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නාය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එසේ දිවුරුම් දුන්නාය. හරිනි අමරසූරිය මෙනවිය ශ්‍රී ලංකාවේ තෙවැනි අගමැතිනිය ලෙස ඉතිහාසයට එකතු වූවාය. පසුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු,…

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,899ක් (38.38%) ලබා ඉදිරියෙන් පසුවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා – 4257 (33.35%) අනුර කුමාර දිසානායක මහතා – 2092 (16.39%) පී අරියනේත්‍රන් මහතා – 1160 (9.09%) කේ කේ පියදාස මහතා – 113 (0.89) ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 13,389 ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 13,108 වලංගු ඡන්ද සංඛ්‍යාව…

ත්‍රිකුණාමලය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 5,480 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. සජිත් ප්‍රේමදාස මහතා – 4537 රනිල් වික්‍රමසිංහ මහතා – 3630 පී අරියනේත්‍රන් මහතා – 431 නාමල් රාජපක්ෂ මහතා – 129

ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
ගාල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 25,892 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා – 7226 සජිත් ප්‍රේමදාස මහතා – 5338 නාමල් රාජපක්ෂ මහතා – 863 දිලිත් ජයවීර මහතා – 375